අනුරාධපුර
රජධානියේ මුල්ම පාලකයා වශයෙන් පණ්ඩුකාභය රජතුමා පත්වීමට ඒසඳහා කරන ලද සටන් ව්‍යාපාර
ගණනාවක් පිළිබඳව මහා වංශයේ දැක්වේ. ඒ අනුව බලන විට දීඝ ගාමිණි හා උන්මාද චිත්‍රාගේ
පුතෙකු වශයෙන් සැලකෙන පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ රාජ්‍යය පාලකයා බවට පත්වීම
පිළිබඳ නොකැමති වූ තම මාමා වරුන් මොහුව මැරවීමට නොයෙක් අවස්ථාවල උත්සහ ගත් බව වංශ
කථා වල සඳහන් වේ. මෙම සෑම අවස්ථාවකදීම විරුද්ධත්වයන් බිද දමමින් තමන්ගේ රාජ්‍යත්වය ලබාගැනීමට
උද්යෝගයෙන් රාජ්‍ය පාලනය කළ පාලකයෙන් වශයෙන් පෙන්වා දිය හැක. මේ හා බැඳුන සිද්ධීන්
අත්භූත ජනක උවත් එහි ඓතිහාසික වටිනාකමක් ඇති බව පිළිගත හැකිය. මහා වංශයේ සඳහන්
වන පරිදි පණ්ඩුකාභය රජතුමා තම පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගනු ලැබුවේ
අනුරාධපුරයයි. ඒ අනුව මෙතුමා මුල්ම අනුරාධපුරය “ග්‍රාම” තත්වයෙන් මුදවාගත් බවත් ප්‍රථම
වරට ග්‍රාම සීමා පිහිටවු රජු වශයෙන් ඉතිහාසයට එක් වේ.
මෙයින්
පැහැදිලි වන්නේ මුලු ශ්‍රී ලංකාවම එක් සේසත් කළ පාලකයෙක් වශයෙන් මෙහුව හදුනාගත
හැකි බවයි. එහෙත් එම කරුණ පුරාවිද්‍යාත්මකව තහවුරු වීමක් සිදුවී නොමැති වීම නිසා
එය පිළිගැනීම තරමක් දුරට අසීරු වේ. කෙසේ හෝ ඔහු යටතේ ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ
සෑහෙන ප්‍රමාණයකුත් දකුණු කොටසේ සමහර ප්‍රදේශත් ඔහුට අයත් වී යැයි පිළිගත හැක. මේ
අනුව මෙම රාජ්‍ය යුගයේ දී අනුරාධපුර ග්‍රාමයත් සමඟ ඒකාබද්ධ වූ ජනපද රැසක් සමඟ මෙම
රජු යටතේ අනුරාධපුර රාජධානිය ආරම්භ වන ආකාරය පැහැදිළිය. මෙම රජුගේ කාර්ය
සංසිද්ධීන් යටතේ ප්‍රථමයෙන්ම අනුරාධපුර රාජධානිය පිහිටුවා ගැනිමත් ආර්ය ජනපද
කිහිපයක් ඒක් සේසත් කිරීමත් සිදු වූ අතර සංවිධානාත්මක පාලන තන්ත්රයක් පිහිටුවීමත්
සිදුවිය. මේ අනුව පෙනි යන්නේ ශ්‍රී ලංකාවේ මුල්ම සංවිධානාත්මක පාලන ක්‍රමයක් ආරම්භ
කරනුයේ පණ්ඩුකාභය රජතුමා විසින්ය.
මෙම රාජ්‍ය
යුගය එවැනි සංවිධානාත්මක පාලන ක්‍රමයක් ගොඩනැගුණු බව පිළිගත හැක්කේ නගරයට අවශ්‍ය
වු සියලුම සෑම අංගයකින්ම යුක්තව අනුරාධපුරය සකස් කල නිසාවෙනි. ඒ අනුව නගරයට අවශ්‍ය
සෑම ගොඩනැගිල්ලක්ම ඉදි කල බවත් රාජ්‍ය තන්ත්රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
නිලධාරීන් පත් කල බවත් සඳහන් වේ. මෙම රජතුමා ඉතාමත් හොද කළගුණ දත් රාජ්‍ය පාලකයෙක්
වශයෙන් තමන්ට උදවු උපකාර කරන ලද සෑම කෙනෙක් වෙනුවෙන් ආගමික ස්ථාන ඉදිකර දුන් බව
වංශකතාවේ සඳහන් වේ. තමාගේ ආගම කුමක් වුවත් රටේ සිටින සියලුම ජනතාව වෙනුවෙන්
ඔවුන්ගේ ආගමික විශ්වාස වලට අනුව ආගමික ගොඩනැගිලි ඉදිකරදුන් බව පෙනි යයි. මේ ආකාරයට
අනුරාධපුර රාජධානියේ මුල්ම පාලකයා එය අංගසම්පුර්ණ රාජ්‍යක් බවට පත්කල පාලකයා
වශයෙන් මෙතුමා ඉතා වැදගත් වේ.
No comments:
Post a Comment