ඉතිහාසය
පවතින්නේ ඒ ඒ යුගයන්හි ජීවත් වූ විශේෂිත පුද්ගලයන් ගන්නා තීරණ මතය. රටක පාලකයා හෝ
පාලනය කරන්නා විසින් ගන්නා තීරණය රටෙහි යහපතටද පරිහානියටද, විනාශයටද ගමන් කිරීම කවර
හෝ බලපෑමකින් වලක්වා ලිය නොහැකි වේ. වසර 2500කටත් වඩා ඈත කාලයේ සිට පැවත එන අඛණ්ඩ
ඉතිහාසයක් ශ්රී ලංකාවට හිමිය. රටේ අනාගත සුභසිද්ධියට මඟ කියන පාලකයන් පිළිබඳවද
ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳවද කෙටියෙන් හෝ විමසුමට ලක්කිරීම මෙම බ්ලෝග් අඩවියේ අරමුණ වේ.
රජවරුන්ගන්
ඉටු වූ කාර්යභාරය ඔවුන් රටේ දේශපාලනිකමය වශයෙන් ඉටුකළ මෙහෙවර කෙටියෙන් හෝ විමසීම
මෙම කෘතිය නිර්මාණයෙන් සිදු වේ. අතීත සිද්ධින් අනුව වර්ථමානය සකස් වීමෙන් වර්ථමානය
මත අනාගතය ගොඩනැගීමත් සිදු වේ. ඉතිහාසයක් නොමැති තැනක වර්ථමානයක් හා අනාගතයක්
ගොඩනැංවිය නොහැක.
No comments:
Post a Comment