දුටුගැමුණු රජුට පසු ඔහුගේ බාල සොහොයුරු
සද්ධාතිස්ස කුමරු රජකමට පත් විය. දුටුගැමුණු රජුට නිම කල නොහැකි වූ රුවන්වැලි
දාගැබේ ඉතිරි වැඩ සද්ධාතිස්ස රජු විසින් කරවන ලද බවත් එයට අමතරව දක්ඛිණගිරි,
දීඝවාපි ආදී වු විහාර කිහිපයක්ද මෙතුමා විසින් කරවන ලද බවත් වංශකතාවේ සඳහන් වේ.
මෙතුමා විසින් පදවිය, කටුන්ගරු,
මාගඑ ආදී වැවු දොලහක් කර වී යැයි පූජාවලිය කියයි.
No comments:
Post a Comment