Monday, June 16, 2014

දේවානම් පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු යුගය



දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වන්නේ එතුමාගේ බාල සොහෙයුරෙකු වු උත්තිය කුමරුය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 10ක් බවත් අටවන ආජ්‍ය වර්ෂයේ දී මිහිදු මහ රහතන් වහන්සේ අපවත් වූ බවත් මහා වංශය පැහැදිලි කරයි. මිහිදු මහ රහතන් වහන්සේගේ නෂ්ඨාවශේෂ චේතිය ගිරිය හා රාක්ෂගල තැන්පත් කර ඇත. ඉන් පසු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වූයේ බාලම සොයුරා වු මහා ශිව සුරතිස්ස රජතුමාය. සුරතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ සිදුවු වැදගත් සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකාවට මුල්ම දකුණු ඉන්දියානු ආක්‍රමණය ඇති වීමයි. එය සේන ගුත්තික නම් වෙළඳ දෙබැයන් අශ්ව වෙළදාම සඳහා පැමිණ ඇති බව මහා වංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පාලන බලය අල්ලා ගන්නා මෙම වෙළදුන් වසර 22 ක කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකාව පාලනය කර ඇත. 
 
ඇතමුන් ගේ මතය වන්නේ සේන ගුත්තික යනු දෙදෙනෙක් නොව එක් අයකු බවයි. සේන ගුත්තිකගේ වසර 22ක රාජ්‍ය පාලනය තුළ දි තවත් බාල සසොහොයුරකු වූ අසේල කුමාරයා සේන ගුත්තිකට එරෙහිව අක්‍රමණයක් එල්ල කරන ලදී. එම ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 22ක විදේශීය පාලනය ඉවත් කොට අසේල රජතුමා රාජ්‍යත්වයට පත් වූයේය. අසේල රජතුමාගේ දසවන රාජ්‍ය කාලය තුළ දෙවන දකුණු ඉන්දියානු ආක්‍රමණය එල්ලවිය. එනම් එලාර නම් ද්‍රවිඩ පාලකයා අනුරාධපුරය ආක්‍රමණය කරමින් තම ද්‍රවිඩ බලය ව්‍යාප්ත කරමින් වසර 44 ක කාලයක් ඉතා ධාර්මිකව පාලනය කළ බව මහා වංශයේ සඳහන් වේ. මෙම කාල පරිච්ඡේදයේදී දෙවානම්පියතිස්ස රජුගේ කනිටු සොහොයුරු වූ මහානාම කුමරු අනුරාධපුර රාජධානිය අතහැර ගොස් තිස්සමහාරාමයේ දී ඔහුගේ බලය ව්‍යාප්ත කරන ලදී. ඉන්පසු එතුමාගේ බාල පුත් යටාලතිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් විය.  මෙසේ මාඝම බලය තහවුරු කරගෙන යාමේ දී එයට බාදාවක් වුයේ එයට සැතපුම් අටක් දුරින් කතරගම රාජධානිය පිහිටා තිබීමයි. ඉන් පසු මාඝම බලයට පත් වූයේ යටාලතිස්ස රජුගේ පුත් ගෝටාභය රජතුමාය. ගෝටාභය රාජ්‍ය සමයේ සිදු වූ වැදගත් සිදුවීමක් වන්නේ එකල කතරගම රජ කල සද බෑ රජවරුන් මරණයට පත් කිරීමයි. මේ බව බෝවත්තේගල සෙල්ලිපිය සාක්ෂී දරයි. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වන ධාතු වංශයේ ද ඒ බව ප්‍රකාශ කරයි. තමන් විසින් කල පාප කර්මය තමන් විසින්ම අවබෝධ කරගත් පසු එම පාපයෙන් මිදීම සඳහා වෙහෙර විහාර සිය ගණන් තැනූ බව සදහන් වේ.

No comments:

Post a Comment