උන්මාද චිත්‍රා සහ දීඝ ගාමිණි යන දෙපලගේ පුත්‍රයා වූ පණ්ඩුකාභය කුමාරයා සිය
මාමා වරුන්ට විරුද්ධව ගෙන ගිය සටන් ව්‍යාපාරයෙන් අනතුරුව එයින් ජය ලබා අනුරාධපුර
රාජධානියේ පාලකයා බවට පත් විය. ඔහු විසින් මහවැලි ගංගාවේ දකුණුදිග තැනිතලාවේ හා
මහවැලි ගගේ උතුරු දිග තැනිතලාවේ තම බලය තහවුරු කරගැනීමෙන් පසු තම රාජධානිය වශයෙන්
අනුරාධපුරය මූලස්ථානය කොටගෙන රාජ්‍යත්වයට පත්වී තිබේ. ඔහුගේ රාජ්‍ය සමය මෙරට
ඉතිහාසයේ ඓතිහාසික වශයනේ බෙහෙවින් වැදගත් කාල පරිච්ඡේදයක් ලෙසින් හදුනා ගත හැකි
අතර එලෙස පණ්ඩුකාභය රාජය සමය ඓතිහාසික වශයෙන් වැදගත් විමෙහිලා බලපැ හේතු සාදක ඇත.
එනම්
- · ආර්ය හා අනාර්ය ජන කොට්ඨාශ අතර සම්බන්ධතාවයට පදනම වැටීම.
- · මහවැලි ගංගාවේ උතුරු ප්‍රදේශයේ හා දකුණු ප්‍රදේශයේ සැලකිය යුතු ප්‍රදේශයක බලය තහවුරු කරගත් පළමු පාලකයා වීම.
- · අනුරාධපුර රාජධානියේ නිර්මාතෘ වරයා වීම.
- · පළමු වතාවට විධිමත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීම.
- · වාරි තාක්ෂණ කටයුතු ඇරඹිමේ පුරෝගාමියා වීම.
- · විධිමත් ආගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.
පණ්ඩුකාභය
රාජ්‍ය සමය ඓතිහාසික වශයෙන් වැදලත් වීමෙහිලා බලපෑ ප්‍රධාන කරුණක් වශයෙන් ආර්ය හා
අනාර්ය ජනකොට්ඨාශ අතර සම්බන්ධතාවයට මනා පදනමක් වැටීම සඳහන් කළ හැක. පණ්ඩුකාභය
කුමාරයා ආර්ය ගෝත්‍රිකයෙක් උවද ඔහු හැදී වැඩුනේ සාමාන්‍ය ගැමි දරුවන් සමඟය. ඒ වගේම
අනාර්ය ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය යටතේ ඔහු හැදී වැඩුන බව පෙන්වා දෙයි. මහවැලි
ගගේ දකුණු තැනිතලාවේ එකම ප්‍රබල නායකයා ලෙසට ඔහු නැගී ඒමේදී ආර්ය වංශිකයන්ගේද
අනාර්ය වංශිකයන්ගේද පූර්ණ සහාය ඔහුට ලැබුන බව චිත්තරාජ කාලවේද ආදි යකුන් සම්බන්ධ
ජනප්‍රවාදයන්ගෙන් හෙලිදරවු වේ. මෙලෙස සියලු ජනතාවගේ සහායෙන් උතුරුදිග තැනිතලාව කරා
පැමිණෙන පණ්ඩුකාභය කුමාරයා සිය මාමා වරුන් හෙවත් උතුරු තැනිතලාවේ ආර්ය ජනපදවාසින්
සිය නායකයා ලෙසට පණ්ඩුකාභය කුමාරයා පිළිගණුලබයි. ඒ අනුව පණ්ඩුකාභය කුමාරයා මෙරට
රාජ්‍යත්වයට පත්වන්නේ ආර්ය හා අනාර්ය යන සියලු ජනතාවගේ සහයෝගය යටතේය. පණ්ඩුකාභය
රාජ්‍ය සමයේ ඓතිහාසික වැදගත්කම කෙරෙහි බලපාන තවත් කරුණක් ලෙස ඔහු විසින් පළමු
වතාවට මහවැලි ගංගාවේ උතුරුදිග තැනිතලාවෙත්, දකුණුදිග තැනිතලාවෙත් බලය තහවුරු කරගත්
පළමු පාලකයා විම සඳහන් කල හැකිය.
මීට පෙර
බලයට පත් විජය, උපතිස්ස, පණ්ඩුවාසදේව ආදීන් පාලනය ගෙන ගියත් ඔවුන්ගේ බල ව්‍යප්තියේ
සීමාවක් නිශ්චිතව සඳහන්කල හැකි නොවේ. එහෙත් පණ්ඩුකාභය මහවැලි ගගේ දකුණුදිග
තැනිතලාවේ ආර්ය හා අනාර්ය ජනතාව පිළිගත් පොදු නායකයා බවට පත්වන අතර ඔහුගේ බලයට
අභියෝග කල වෙනත් පාලකයකු සිටි බවට තොරතුරු හෙලි නොවේ. පණ්ඩුකාභය පසුව උතුරුදිග
තැනිතලාව හරහා එම ප්‍රදේශවල බලය පිහිටුවාගෙන සිටි ජනපද නායකයින් විනාශ කොට සිය බලය
තහවුරු කර ගැනිමට සමත් වී තිබේ. එබැවින් පණ්ඩුකාභයගේ බලය උතුරු තැනිතලාව තුළද ව්‍යාප්තවීමට
අවස්ථාව උදාවිය. මෙලෙස මහවැලි ගංගාවේ උතුරුදිග තැනිතලාවෙත්, දකුණු තැනිතලාවේත්
බලයක් ගොඩනගා ගත් පළමු පාලකයා ලෙසට පණ්ඩුකාභය හැදින්විය හැකිය.
පණ්ඩුකාභය
රාජ්‍ය සමයේ ඓතිහාසික වැදගත්කම කෙරෙහි බලපෑ තවත් කරුණක් ලෙසට එතුමා අනුරාධපුර
රාජධානියේ නිර්මාපකයා වීම සඳහන් කළ හැකිය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ රජුගේ බලය මහවැලි
ගංගාවේ උතුරුදිග හා දකුණුදිග තැනිතලාවල පැතිරීමත් සමඟ පාලන සංස්ථාවද ඊට අනුරූපව
පුලුල් වීම අවශ්‍යව තිබුනි. ඒ බව අවබෝද කරගත් පණ්ඩුකාභය රජු සිය පාලන මධ්‍යස්ථානය
වශයෙන් අනුරාධපුර ග්‍රාමය තෝරාගන්නා ලදී. එය අනුරාධපුරය ලෙසින් නම් කොට සිය පාලන
මධ්‍යස්ථානය ලෙසට ගොඩනගන ලදී. නිමිති කරුවන් හා ගෘහ නිර්මාණ කරුවන් ගෙන්වා අනුර
නැකතින් සිය රාජධානිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. බටහිර දිසාවේ අභය වැව,
සොහොන් බිම, වදකස්ථානය ආදිය නිර්මාණය කර ඇත. නගරය පිරිසිදු කරගැනීම සඳහා නගර
ශෝදකයන් 500ක් ද වැසිකිළි ශෝදකයන් 22ක් ද මීනි ගෙන යන්නන් 190 ක් ද සකස් කල බව
සඳහන් වේ. එම පිරිසගේ නිවාස නගරයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටා ඇත. උතුරු දිශාව
වැද්දන් සඳහා වෙන්කර තිබුනි. මෙලෙස අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් අඛණ්ඩ වසර
1500ක කාලයක් ක්‍රියාත්මකව පැවති බව පෙන්වා දිය හැකිය.
පණ්ඩුකාභය
රාජ්‍ය සමයේ තවත් වැදගත් කරුණක් ලෙස විධිමත් රාජ්‍ය පාලන ක්‍රමයක් හදුන්වා දුන් ප්‍රථම
පාලකයා ලෙස මෙතුමා හැදින්විය හැකිය. මීට පෙර විජය, උපතිස්ස, පණ්ඩුවාසදේව, වැනි
පාලකයන් රජවරුන් ලෙස සඳහන් කර තිබුනද ඔවුන් විසින් අනුගමනය කල පාලන තන්ත්රයෙහි
ස්වභාවය පිළිබදව පැදිලි තොරතුරු හමු නොවේ. එහෙත් පණ්ඩුකාභය බලයට පත්වීමේදී
පැවැත්වු අභිශේක මංගල්‍යය පිළිබඳ තොරතුරු හෙලිදරවු වේ. තමා විසින් පරාජයට පත්වු
සිය මාමාවරුන්ගේ සේසත් ගෙන්වාගෙන අනුරාධපුරයේ විලක ලා සෝදා එම විලේ ජලය ස්නානය
කිරීමෙන් පණ්ඩුකාභය රජු ලෙසද, ස්වර්ණපාලි කුමරිය බිසව ලෙසටද අභිශේක වී තිබේ. එම
අභිශේක මංගල්‍යය මෙරට පාලකයකු විසින් පවත්වන ලද ප්‍රථම අභිශේක මංගල්‍යය වශයෙන්
පෙන්වා දිය හැකිය. එම අභිශේක මංගල්‍යයෙන් පසුව අනුරාධපුර පාලන තන්ත්රය තුළ විවිධ
තනතුරු ඇතිකර ඒවාට නියම සුදුස්සන් තෝරා පත්කරගන්නා ලදී. තම පුරෝහිත තනතුර සඳහා
චන්ද්‍ර බමුණා පත් කොට ඇති අතර ගිරිඛණ්ඩශිව ඔහුගේ මලනුවකු වු අතර ඔහුටද ප්‍රාදේශිය
පාලන කුටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත. බලයට පත්වී වසර 10
ඉක්ම යත්ම සිය බලය පිරිහුනු ප්‍රදේශවල ග්‍රාම සීමා වෙන් කොට ගම්සභා ක්‍රමයක් පාලන
තන්ත්රය තුළ ඇති කල ප්‍රථම පාලකයා වශයෙන් පණ්ඩුකාභය රජතුමා පෙන්වාදිය හැකිය.
මෙලෙස පණ්ඩුකාභය රජතුමා විසින් පළමු වතාවට විධිමත් පාලන තන්ත්රයක් හදුන්වා දෙමින්
ක්‍රියාත්මක කිරීමද මෙම රාජ්‍ය සමයේ වැදගත් කමට තවත් හේතුවක් වී තිබේ.
පණ්ඩුකාභය
රාජ්‍ය සමයෙහි ඓතිහාසික වශයෙන් වැදගත් වීමට බලපෑ තවත් හේතුවක් ලෙස එතුමා මෙරට ජල
සම්පාදන ව්‍යාපාරය ඇරඹීමෙහිලා පුරෝගාමි පාලකයා වීමද පෙන්වා දිය හැකිය. වියලි කලාපයේ තැනිතලා භූමි ප්‍රදේශ තුළ අවශ්‍ය
අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගැනීමට ජලය එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවයක් එකළ පැන නැගී
තිබුණි. ඒ බව අවබෝධ කරගත් අනුරාධපුර පාලකයා විසින් වාරිමාර්ග කිහිපයක්ම ඇති කළ බව
ඉතිහාස කරුණු හෙළිකරයි.
පණ්ඩුකාභය
රජු මෙරට සිදුකල ආගමික සේවාවද මෙම රාජ්‍ය සමය ඓතිහාසික වශයෙන් වැදගත් කමක් ගෙන ඒමට
සමත් විය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ මෙරට
ජනතාව අතර ප්රකටව පැවතියා වු ආගම් රැසක් පිළිබඳව වංශකතාවල සඳහන් වේ. එම සෑම ආගමක්
සඳහාම පණ්ඩුකාභය රජතුමාගේ පුර්ණ අනුග්‍රහය ලැබුණ බව පෙන්වා දිය හැකිය.
උදා:-
යක්ෂ වන්දනාව :- වෙසමුණි දේවාලය ඉදිකිරීම.වෘක්ෂ වන්දනාව :- නා ගස හා තල් ගස පූජනීය වස්තුවක් ලෙස නම් කිරීම.ලිංග වන්දනය :- සිවිකා ශාලාව නමින් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම.බ්‍රාහ්මණ ආගම :- සොත්ථි ශාලා ඉදිකිරීම.තාරකා වන්දනය :- අනුර නැකතට අනුව අනුරාධපුරය ඉදිකිරීම.
මෙලෙස මෙරට පැමිණියා වු සෑම ආගමකටම පාහේ පණ්ඩුකාභය
රජතුමාගේ කාරුණික දායකත්වය නොඅඩුව ලැබී ඇති අතර ඒතුමාගේ ආගම යන්න කුමක්ද යන්න
සඳහන් නොවන අතර ජනතාව අතර පැවතියාවු විවිධ ආගමික සංකල්පයන්ට කර ඇති අනුග්‍රහය
විමසීමට ලක්කරන විට ඒතුමාගේ ආගමික ප්‍රතිපත්තිය එම කාලයට පමණක් නොව සෑම කාලයකදීම
ඒක සේ අනුගමනය කළ හැකි සර්ව කාලීන ප්‍රතිපත්තියක් ලෙසට පෙන්වා දිය හැකිය. මෙලෙස
පුර්වෝක්ත කරුණු සලකා බැලීමේදී පණ්ඩුකාභය රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික
කාලපරිච්චේදයක් වේ.
පාසල් සිසුන්ට ඉතාම වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කල ඔබට
ReplyDeleteස්තූතිය
නියමයි
ReplyDeleteගොඩක් හොදයි
ReplyDeleteඉතා ම හොඳ ලිපියක්
ReplyDeleteඇත්තටම ගොඩක් හොඳ තොරතුරු ටිකක්
ReplyDeleteThanks
kawda me
Deleteසුපිරී ගෝඩාක් හොදයි❤❤
Deletethank you
ReplyDeleteස්තූතී
ReplyDeleteSuper👍
ReplyDeleteගොඩක් හොඳ තොරතුරු
ReplyDeleteaththatama godak watinawa bohoma sthuthi
ReplyDeleteගොඩක් හොදයි....
ReplyDeleteJob well done.precious for school children's like me thank you
ReplyDeleteCasino in Sacramento, CA - TheJTM Hub
ReplyDeletePlay your favorite 당진 출장마사지 slots, table games, and 제주 출장샵 live entertainment at the iconic Hotel 경기도 출장샵 Casino in Sacramento, 통영 출장안마 CA! Featuring luxurious accommodations, Address: 전주 출장안마 777 Casino Drive, Sacramento, CA 95416