කාවන්තිස්ස
රජුගේ ඇවැමෙන් පසු දුටුගැමුණු රජු රාජ්‍යත්වයට පත්විය. කාවන්තිස්ස රජු මිය යන විට
දුටුගැමුණු කුමරු සිටි බව කියන්නේ මලය රටේ කොත්මලේ ප්‍රදේශයේය. මොහුට එම ප්‍රදේශයට
යාමට සිදු වූයේ අනුරාධපුරයේ රජ කල එළාර රජු සමඟ සටන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ
ඇති වූ මතභේද නිසාය. ඒ කාලයේ රුහුණු දිගා වැව ප්‍රදේශයේ විසු සද්ධාතිස්ස කුමරු
එනම් ගැමුණු කුමරුගේ බාල සොහොයුරා, කාවන්තිස්ස රජුගේ අභාවය හා සමඟ මාගමට අවුත්
රාජ්‍ය පැහැර ගැනීම නිසා මාගම රාජ්‍ය නිත්‍යානුකූලව පත් වීමට පෙර ගැමුණු කුමරුට
සිංහාසනය ලබා ගැනීම සඳහා තම සොහොයුරු සමඟ සටන් කරන්නට සිදු විය. එහෙත් සංඝයා
වහන්සේලා එම සටන ව්‍යාර්ත කරමින් සමාදාන කලහ. පසුව සද්ධාතිස්ස කුමරුට දිගා වැව ප්‍රදේශයේ
පාලන බලය හිමිවිය. පසුව දුටුගැමුණු රජතුමා අනුරාධපුරය ආක්‍රමණය කිරීමට සැරසුනහ.
අනුරාධපුරයට ගිය ස්ථාන කිහිපයකම සටන් පැවතුන අතර එම සටන් වලින් ජය ලැබූහ. පසුව
විජිතපුර නම් බලකොටුවට ඇතුල් වූ බවත් එම බලකොටුව ජය ගැනීම සඳහා මාස 4 ක පමණ කාලයක්
සටන් කරන්නට සිදුවිය. පසුව අවසන් සටන අනුරාධපුර නගරයේ දකුණු දොරටුව ඉදිරිපිට
රජවරුන් දෙදෙනා මුහුනට මුහුන සටන් කර ඇති අතර පසුව එළාර රජු මරණයට පත් වී ඇත.
සටනේ දී
මිය ගිය එලාර රජුගේ දේහය ආදාහනය කරවා එතැන සොහොන් ගෙයක් සාදවා එළාර රජුට ගෞරව
දක්වා මතු දවස එතැනින් යන්නවුන් තූර්ය භාණ්ඩ වාදනය කිරිමෙන් හා ඇතුන්, අසුන් පිට
යාමෙන් වැළකිය යුතු බවට නියෝගයක් පැනවීය. එසේම එළාර රජුගේ සෙන්පතියාගේ උපදෙස් මත කරන
ලද ආධාර ඉල්ලීම මත සොලී අමුදාවක් පැමිණියහ. එම අවස්ථාවේ දී ද ඉතා දරුණු සටනකින්
පසු දුටුගැමුණු රජු සටනින් ජය ගත්තේය.
ඉන් පසුව
රටේ පරිපාලනයට අවශ්‍ය නිලධාරීන් පත්කොට යුකිතිය පසිඳවීම සඳහා අවශ්‍ය අධිකරණ ශාලා
හා විනිශ්චය කරුවන් ද පත් කළේය. මෙම රජු විසින් කරවන ලද ක්‍රියාවන් වශයෙන් මිරිසවැටිය
හා රුවන්මැලි සෑය යන ස්ථූප දෙක හා ලෝවාමහාපාය නම් වූ පොහොය ගෙයක් ඉදි කිරීම මේවාද
ඇතුළුව වෙහෙර විහාර 89ක් ඉදිකළ බව කියැවේ. මතු ඇතිවිය හැකි සාගත බියක් පිළිබඳ
දැනගත් රජු ඒ ඒ තැන වැව් අමුණු බඳවා නොපමාව ගොවිතැන් බත් කරවන සේ රාජ්‍ය වාසින්ට
නියෝග කොට උදලු, කැති, පොරෝ ආදී වු කෘෂිකාර්මික උපරණ ගෙන්වා කෘෂිකර්මාන්තය දියුණු
කරවීය. මහියංගනය සොරබොර වැව කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසින්ය. මෙම සියලුම
කාරනා සඳහා අඩිතාලම දමන ලද්දේ කාවන්තිස්ස රජතුමා උවත් දුටුගැමුණු රජතුමාගේ රට
එක්සේසත් කිරීමේ කාර්ය භාරය සුලු කොට තැකිය නොහැකිය. ඔහුගේ උද්යෝගීත්වය,
සංවිධානාත්මක බව, කාර්ය ශූරත්වය, සටන්කාමීත්වය නොවිනි නම් තවත් සැලකියයුතු කාලයක්
විදේශීය ආධිපත්‍ය යටතේ පවතින්නට ඉඩ තිබිණි. ප්‍රථම වරට මුලු රටම එක් රජකු යටතට පත්
වූයේ දුටුගැමුණු රජතුමාගේ කාලයයි.
elm
ReplyDelete